ඉදිරි මහ මැතිවරණයේ දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබා දෙනවාට තමා විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා හිරු රුපවාහිණිය සමඟ පැවැති සාකච්ඡාවක දී ප්‍රකාශ කර ඇත.
‘ගෝඨාභයට මා කොහොමත් විරුද්ධයි. ඔහු බලය අයුතු ලෙස භාවිත කළා. පාර්ලිමේන්තුව අසල තිබුණු ස්මාරකයක් අපි එපා කියද්දි බලහත්කාරයෙන් ඉවත් කළා. වෙන තැනක් ඉල්ලුවට දුන්නෙත් නෑ. ඔහු බලයට එන්න සුදුසු නෑ.








