FAST NEWS

24×7 Around the Globe

ඡන්දය ගණන් කිරීම හෙට පෙරවරුවේ ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (06) පෙරවරු 7 ත් 8 ත් අතර මෙවර මහ මැතිවරණයේදී ගණන් කිරීමේ මධ්‍යස්ථාන 66 කදී ඡන්දය ගණන් කිරීම කාලයේදී ආරම්භ වීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාව කියාසිටියේ පළමු තැපැල් ඡන්ද ප්‍රථිඵලය හෙට දහවල් 12 න් පසුවද ආසන මට්ටමේ පළමු නිල ඡන්ද ප්‍රථිඵලය හෙට පස්වරුවේද ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇති බවයි.

අවසන් ඡන්ද ප්‍රථිඵලය හෙට මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට හැකියාවක් ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.

මනාප ප්‍රථිඵල ලබන සිකුරාදා මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කර අවසන් කිරීමට හැකියාවක් ඇති බව සභාපතිවරයා කියා සිටියේය.