FAST NEWS

24×7 Around the Globe

ඡන්දය ප්‍රකාශ කිරීම ඡායාරුප ගත කළ අයෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | මහනුවර) – තමන් ඡන්දය සලකුණු කරන ආකාරය ජංගම දුරකථනයෙන් ඡායාරුප ගත කල තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නාවලපිටිය පොලිසිය මගිනි.

නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු උදැසන නාවලපිටිය මධ්‍යම මහ විද්‍යාලයේ ශාලා අංක 51 දි ජන්දය සලකුණු කර එය තම ජංගම දුරකථනයෙන් ඡායාරුප ගත කර තිබේ.

එම අවස්තාවේ ශාලාධිපති විසින් සැකකරු සහ ජංගම දුරකථනය අත්අඩංගුවට ගෙන මැතිවරණ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින් වෙත භාර දි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවු 32 හැවිරිදි අයෙකු බවත් , සැකකරු රම්බොඩ හෙල්බොඩ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසිය පවසයි.