FAST NEWS

24×7 Around the Globe

විශේෂ සමුළුවකට ජවිපෙ නායක අනුර කුමාර චීනය බලා යයි.

චීනයේ බීජිං හි පැවැත්වෙන මුහුදු සේද මාවත පිළිබඳ ආසියානු දේශපාලන පක්‍ෂවල විශේෂ සමුළුවට සහභාගී වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය 13 වැනිදා චීනය බලා පිටත්විය.

හෙට (16) දක්වා පැවැත්වෙන මෙම සමුළුව සංවිධානය කර ඇත්තේ චීන කොමියුනිස්ට් පක්‍ෂය විසිනි. මෙම සමුළුවට රටවල් 31ක දේශපාලන පක්‍ෂ නියෝජිතයින් 60 දෙනෙක් සහභාගී වීමට නියමිතය.