FAST NEWS

24×7 Around the Globe

රිය අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කාත්තන්කුඩි පොලිස් වසමේ 04 වන හරස් මාර්ගයේ කල්අඩි මාර්ගය දෙසට ධාවනය වු යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව කාණුවකට පෙරළී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

වයස අවුරුදු 61ක් වු කල්අඩි, වෙලූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස මරණයට පත්ව ඇත.

මෘත ශරීරය මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කාත්තන්කුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.