FAST NEWS

24×7 Around the Globe

ඇසළ පෙරහැරේ දිය කැපීමේ මංගල්‍යය අවසන්

(ෆාස්ට් නිව්ස් | මහනුවර) – මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව් මහා දේවාලවල දිය කැපීමේ මංගල්‍යය අද (04) අලුයම මහවැලි නදියේ ගැටඹේ තොටේදී සිදුකරනු ලැබීය.   

අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රී 7.14 ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කෙරුණි.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර මංගල්‍යය අවසන් වන්නේ අද පස්වරුවේ පවත්වනු ලබන පෙරහැරින්ය.

ඉන් අනතුරුව දියවඩන නිලමේවරයා විසින් පෙරහර සාර්ථකව නිමාවට පත්වූ බව ජනාධිපතිවරයා වෙත සංදේශයකින් දැනුම් දෙනු ඇත.