FAST NEWS

24×7 Around the Globe

කොරෝනා කාලය තුළ මත්තල ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරස හේතුවෙන් පසුගිය කාලය තුළ මත්තල ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු ඉහළ ගොස් තිබේ.

ගතවූ මාස දෙක තුළ ජාත්‍යන්තර ගුවන් ගමන් 50 කට වැඩි සංඛ්‍යාවක් එහි ක්‍රියාත්මක වී තිබේ.

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම සඳහන් කළ ආකාරයට විදෙස් රටවල සිට පුද්ගලයන් ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී මෙන්ම නෞකා කාර්ය මණ්ඩල රැගෙන ඒමේදී මත්තල ගුවන් තොටුපල විශේෂයෙන් යොදාගැනුණු බවයි.

එසේම ජූනි 20 වනදා සිට ජූලි 31 වනදා දක්වා කාලය තුළ ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් විසි වතාවක් මත්තලට පැමිණ ඇත.