FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ් [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට අදාළව බොරු සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ලබන 7 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. 


ඒ, සැකකරු අද පෙරවරුවේ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (03) දිනයේ දී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට අදාළව බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකුව අත්අඩංගුවට ගෙන ඇත.   

මොහු ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ අයෙකි.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැඳවනු ලැබූ අතර , එහිදී අදාළ ප්‍රකාශය සටහන් කරගැනීමෙන් පසු සැකකරු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළව පසුගිය මස 31 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් අතර, ලබන හත්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.