FAST NEWS

24×7 Around the Globe

රිය අනතුරකින් ඇඟලුම් සේවිකාවන් දෙදෙනෙක් මරුට

(ෆාස්ට් නිව්ස් | මාතර) – මාතර – අපරැක්ක ප්‍රදේශයේදී ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් වෑන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.    

අද (04) අලුයම සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ සිටි කාන්තාවන් දෙදෙනෙක්.

ඔවුන් ඛෙලිඅත්ත සහ හෙට්ටියාවල ප්‍රදේශවල පදිංචි අවුරුදු 37 සහ 42 වයස්වල පසුවන අය බව පොලිසිය සඳහන් කරයි.