FAST NEWS

24×7 Around the Globe

ගලේවෙල දරුවා ඝාතනය කළ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

(ෆාස්ට් නිව්ස් | ගලේවෙල) – ගලේවෙල පත්කොලගොල්ල ප්‍රදේශයේ අට හැවිරිදි කුඩා පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කොට ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට පත් සැකකරු හෙට (04) දක්වා බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (02) පස්වරුවේ නියෝග කළේය.   

සැකකරු මානසික වෛද්‍යවරයෙකු හමුවට යොමුකර වාර්තාවක් ලබාගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙලෙස බන්ධනාගාර ගත කරනු ලැබූ සැකකරු ගලේවෙල – පත්කොලගොල්ල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක්.