FAST NEWS

24×7 Around the Globe

හෙරොයින් ගෙන ගිය උකුස්සා අධිකරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (30) සොයාගනු ලැබූ උකුස්සා අද (31) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. 

 මීගොඩ, නාවලමුල්ල, කනත්තපාර ප්‍රදේශයේ පිහිටි ගොවිපළක කූඩුකර සිටියදී මෙම උකුස්සා සොයාගනු ලැබුවේය.

පාතාල කල්ලි නායක “අංගොඩ ලොක්කා” විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදාගත් බවට සැකකෙරෙන මෙම උකුස්සා “කුස ඇලි මුහුදු උකුස්සා” නම් උකුසු විශේෂයක් වන අතර ,  කිලෝග්‍රෑම් 15ක පමණ බරක් ඔසවාගෙන යාමට හැකියාව ඇතැයි සැළකේ.

මේ වර්ගයේ උකුස්සන් විධානයන් අනුව කටයුතු කිරීම සඳහා පුහුණු කළ හැකි බව ද වනජීවි නිලධාරීන් පවසයි.