FAST NEWS

24×7 Around the Globe

රාජාංගණය සංචරණ සීමා අද සිට සම්පූර්ණයෙන් ඉවතට

(ෆාස්ට් නිව්ස් | අනුරාධපුරය) – රාජාංගණය ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ පනවා තිබූ සංචරණ සීමා අද (31) සිට සම්පූර්ණයෙන් ඉවත් කෙරෙනු ඇත. 

ඒ අනුව යාය 01 ප්‍රදේශයේ කොටසක් , යාය 03 – 04 – 05 සහ 06 අංගමුව යන ප්‍රදේශවල මෙතෙක් පණවා තිබූ සංචරණ සීමා අද සිට ඉවත් කෙරේ.

පසුගිය 13 වනදා සිට රාජාංගණය ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සංචරණ සීමා පැණවීමට පියවර ගැණුනේ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇතැයි අනාවරණවීමත් සමගයි.