FAST NEWS

24×7 Around the Globe

ජපානයේ සහ කටාර් සිට 47 දෙනෙකු දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා කාලය තුළ මෙරටට පැමිණීමට බලපොරොත්තුවෙන් ජපානයේ සහ කටාර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.

මෙම පිරිස අද (31) අලුයම දිවයිනට පැමිණි බව ගුවන්තොටුපල වාර්තාකරු පැවසීය.

කටාර් රාජ්‍යයේ සිට පැමිණි පිරිස අතර එරට නාවිකයන් ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු වේ.

ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළේ දී PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරුණි.

මේ අතර  ගාල්ල වරායේ නවතා තිබෙන නැවක සේවය කළ ඉන්දීය ජාතික නාවිකයන් 58 දෙනෙකු අද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.