FAST NEWS

24×7 Around the Globe

හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.   

පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකල ගිනි අවි සම්බන්ධ සිද්ධියක සාක්ෂි වසන් කිරීම ශානි අබේසේකරට එරෙහිව චෝදනා එල්ල වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

අද අලුයම අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට රැගෙන ඒමට නියමිත බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.