FAST NEWS

24×7 Around the Globe

බඹර ප්‍රහාරයකින් වතුකම්කරුවන් පිරිසක් රෝහල් ගත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නල්ලතන්නිය – මරේ තේ වතුයායේ සේවය කරමින් සිටි වතුකම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් කම්කරුවන් 12 දෙනෙකු අනතුරට ලක්වී රෝහල් ගත කර තිබේ.

ඒ අතර, කාන්තාවන් දස දෙනෙකු සිටින බවට වාර්තා වන අතර ඔවුන් මේ වනවිට මස්කෙළිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

තවද මස්කෙළිය ප්‍රදේශයේ තේ වත්තක සේවය කරමින් සිටි වතුකම්කරුවන් පිරිසකට ද අද උදෑසන එල්ල වූ බඹර ප්‍රහාරයකින් කාන්තාවන් තුන්දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කරයි.