FAST NEWS

24×7 Around the Globe

විදුලිබල මණ්ඩලය සූර්යබල විදුලිය මිලදී ගැනීමට සැරසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකා විදුලිබල මණ්ඩලයට අවම මිල ගණන් යටතේ සූර්යබල විදුලිය මිලදී ගැනීම නිසා වසරකට රුපියල් ලක්ෂ 2737 ක ලාභයක් උපයා ගැනීමට හැකිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

රජය විසින් මෙම වසරේ තුන්වන කාර්තුව සඳහා පුනර්ජනනීය විදුලිය වශයෙන් සූර්යබල විදුලිය මෙගවොට් 150 ක් මිලදී ගැනීමට අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, සූර්යබල විදුලිය මිලදී ගැනීම සඳහා තරඟකාරි මිල ගණන් කැඳවීම හේතුවෙන් දිනකට විදුලිබල මණ්ඩලයට ඉතිරි වන මුදල රුපියල් හත්ලක්ෂ 50,000 ක් වේ.

ඒ අනුව, වසරකට ඉතිරි කරගත හැකි මුදල රුපියල් ලක්ෂ 2737 ක් වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේය.