FAST NEWS

24×7 Around the Globe

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද සිට තැපැල් කාර්යාලයෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ඡන්ද දායකයෙකු වෙතොත් අදාළ තැපැල් කාර්යාලයෙන් අද (30) දිනයේ සිට ඒවා ලබාගත හැක.   

අනන්‍යතාවය තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගත යුතු බව ද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.