FAST NEWS

24×7 Around the Globe

රජයේ පාසල් නැවත නිවාඩු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සියලුම රජයේ පාසල්වලට මෙවර මහ මැතිවරණය පැවැත්වෙන සතිය තුළ නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ.

අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව අගෝස්තු මස 4, 5,6 සහ 7 වන සිකුරාදා යන දිනවල පාසල් වසා තැබේ.

දිවයිනේ සියලු පාසල්වල 11, 12, 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු පසුගිය ජූලි මස 27 වන දින යළි ආරම්භ වු බැවින් එම ශ්‍රේණිවල සිසුන්ට පමණක් මෙම නිවාඩුව අදාළ වේ.

අගෝස්තු 10 වන දා අනෙකුත් ශ්‍රේණි සඳහා ද පාසල් විවෘත කෙරේ.