FAST NEWS

24×7 Around the Globe

ETF පොළිය පහත දමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ETF හෙවත් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ මුදල් සඳහා ගෙවන පොලිය පහත දමා තිබේ.

2018 වසරට සාපේක්ෂව 2019 වසර  සඳහා ගෙවනු ලබන පොලිය සියයට 8 දක්වා පහත දමා ඇත.

2018 වසරේ එය සියයට 9 ක්වූ අතර රජයේ පොලී අනුපාතිකයන්ගේ වෙනස්වීම මටත් මෙම පොලී අනුපාතය පහත දැමුණු බව එහි සභාපති ශ්‍රියාන් ද සිල්වා විජේරත්න සඳහන් කළේය.

මේ වන විට මෙරට සේවා නියුක්තිකයින් ලක්‍ෂ විසි පහක් පමණ මෙම අරමුදලේ සාමාජිකත්වය දරයි.

මෙම අරමුදලේ මේ වනවිට රුපියල් බිලියන 300ක පමණ මුදලක් තිබේ.