FAST NEWS

24×7 Around the Globe

රාජාංගණයේ තැපැල් ඡන්ද විමසීම අද

(ෆාස්ට් නිව්ස් | අනුරාධපුරය) – කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග තාවකාලිකව අත්හිටවූ රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්ද විමසීම අද (28) පැවැත්වෙනු ඇත.   

ඒ අනුව අද පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා තැපැල් ඡන්ද සළකුණු කල හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ කලාප අධ්‍යාපන කාර්යාලයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව පවතියි.

රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතු ඊයේ (28) ආරම්භ කළ අතර , ලබන මස 2 වනදා දක්වා බෙදා හැරීම් කටයුතු සිදුකරන බව ද එම කොමිසම වැඩිදුරටත් සඳහන්කර සිටියි.