FAST NEWS

24×7 Around the Globe

කුරුණෑගල නගරාධිපතිට අධිකරණයෙන් නියෝගයක්

(ෆාස්ට් නිව්ස් | කුරුණෑගල) – කුරුණෑගල ඉපැරණි ගොඩනැගිල්ලට අදාළ සියලු ලේඛන අද දිනයේදීම අධිකරණයට භාරදෙන්නැයි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය කුරුණෑගල නගරාධිපතිවරයාට නියෝග කළේය.   

එසේම නගර සංවර්ධන කමිටුවේ සියලු ලිපි ගොනු සහ සටහන් ද අධිකරණ භාරයට පත් කරන ලෙස නීතිපතිවරයාගේ තවත් ඉල්ලීමක් මත වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට අධිකරණය නියෝග කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න කියා සිටියාය.