FAST NEWS

24×7 Around the Globe

ඡන්ද පත්‍රිකා බෙදීම හෙටින් අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 95ක් පමණ බෙදා අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

හෙට (29) දිනය වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කරයි.

හෙට දිනයෙන් පසුව ද, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින් සිටී නම් ඔවුන්ට තමන් පදිංචි ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගැනීමේ හැකියාව පවතින බව රංජිත් ආරියරත්න පැවසීය.