FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම අධිවේගයේ වැඩ කඩිනම් කරන ලෙසට ජනපතිගෙන් නියෝග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විෂයභාර අමාත්‍යවරයා හට නියම කර තිබේ.  

මේ වන විට කොළඹ සිට කුරුණෑගල දක්වා කොටසේ වන්දි ගෙවීමේ ගැටළු හේතුවෙන් ඉදිකිරීම් අඩාල වී ඇත.

ඊට කඩිනමි විසඳුම් දී අධිවේගී මාර්ගය තනා නිම කරන්නැයි ජනාධිපතිතුමා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උපදෙස් දුන්නේය.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට අද (27) දෙවන දිනටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ චාරිකා කරමින් මාවතගම, මහජන පොළ භූමියේ පැවති ජන හමුවේ දී ජනාධිපතිතුමා එලෙස ප්‍රකාශකර සිටියේය.