FAST NEWS

24×7 Around the Globe

අණ නොතකා ධාවනය කළ වෑන් රථයක සිටි පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | නාඋල) – අණ නොතකා ධාවනය කළ වෑන් රථයක සිටි සිව් දෙනෙකු ලබන මස 4 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 

නාඋල පොලිස් වසමේ අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි නිලධාරින් විසින් ඊයේ (25) වෑන් රථයකට නවත්වන ලෙස අණ කළද පොලිස් අණ නොතකා එම වෑන් රථය ධාවනය කර තිබේ.

පසුව, වෑන් රථය පසුපස හඹා ගොස් පොලිස් නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව පොලිසිය පැවසීය.