FAST NEWS

24×7 Around the Globe

ජාතික උණ රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා කන්දකාඩුවට යැවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ජාතික උණ රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිත පුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

ඔහුගේ වෛරස මට්ටම එතරම් ඉහළ නොවන නිසා සෞඛ්‍ය අංශ වල උපදෙස් මත එසේ කන්දකාඩු මධ්‍යස්ථානයේ පිහිටි රෝහලට ඔහු ගෙන ගිය බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

මෙම පුද්ගලයා ජාතික උණ රෝහලේ සිට පිටකොටුව දක්වා පා ගමනින් ගොස් ඇති බව හෙලි වී ඇති බවද හමුදාපතිවරයා පැවසීය.

පිටකොටුව කෙළින් වීදියේ සිට ඔහු කොළඹ ජාතික රෝහලට ගෙන ගොස් ඇත්තේ ත්‍රීරෝද රථයකින් බවත්, එම සම්පුර්ණ ගමනේදී ආසාදිතයා සමග ගැටුණු සියලු පුද්ගලයන් නිරෝධායනය සඳහා කටයුතු යොදා ඇතැයිද හමුදාපතිවරයා පැවසුවේය.