FAST NEWS

24×7 Around the Globe

මත්ද්‍රව්‍ය ජාවාරමට හවුල් වූ සුරාබදු නිලධාරියා අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවටමට සම්බන්ධ සුරාබදු පරීක්ෂකවරයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පසිගියදා පුත්තලමේ සිදුවූ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ සුරාබදු පරීක්ෂකවරයෙකි.

මෙම සැකකරු ඊයේ රාත්‍රියේ පොලීසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

මොහු පුත්තලම සුරාබදු කාර්යාලයට අනුයුක්තව සේවය කර ඇති අයෙකි.

පසුගිය 23 වන දා අලූයම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 125ක සමඟ සුරාබදු නිලධාරියෙකු ඇතුළු 8 දෙනෙකු පුත්තලම නගරයේදී කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර එහිදී මෙම සුරාබදු පරීක්ෂකවරයා පළා ගොස් තිබුණි.

මේ අතර මෙම සුරාබදු නියාමකවරයා මේ වන විට සේවයෙන් පහ කර ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.