FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් 10 දෙනෙකු සොයාගැනේ

(ෆාස්ට් නිව්ස්|කොවිඩ් 19) –  අද (24) දිනයේ මේ වන විට කොවිඩ්-19 ආසාදිතයන් 10ක් හමු වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.   

ඒ් අනුව මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2763 දක්වා ඉහළ ගොස් ඇත.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් අතරින් 09 දෙනෙකුට සහ කන්දකාඩු ආසාදිතයන්ගේ ආශ්‍රිතයෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇත.

එම ආශ්‍රිතයා ද නිරෝධායනය වෙමින් සිටින්නෙකු බව රජය තහවුරු කරයි.