(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අයි.ඩී.එච් රෝහලෙන් පලා ගොස් සිටි කොරෝනා ආසාදිතයා කොළඹ කොටුවේ සිට ජාතික රෝහල තෙක් පැමිණ ඇත්තේ ත්‍රිරෝද රථයකිනි.
එම ත්‍රිරෝද රථ රියදුරා මේ වනවිට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට තීරණය කර ඇත.
තවද කොළඹ ජාතික රෝහල අසළ දී සොයා ගත් කොරෝනා ආසාදිතයා නැවතත් අයි.ඩී.එච් රෝහල වෙත ගෙන ඒමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
අයි.ඩී.එච් රෝහලෙන් පිට වී ආසාදිතයා කොළඹ කෙලින් විථීයට ගොස් එතැන් සිට ත්‍රීරෝද රථයකින් කොළඹ ජාතික රෝහලට පැමිණ ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය.
මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට අද (24) අලුයම 2 ට පමණ රෝහලෙන් පලා ගිය ආසාදිතයා හමුදා කණ්ඩායමක් විසින් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී සොයා ගනු ලැබීය.
එම රෝගියා කොළඹ කෙලින් විථීයට පැමිණ ඇත්තේ කෙසේ දැයි මේ වන විට සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද ඔහු කියා සිටියේය.
මේ වන විට විශේෂ කණ්ඩායමක් ජාතික රෝහලට වෙත ගොස් ආසාදිතයාට සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් අන්දවා ගිලන්රථයක් මඟින් නැවත අයි.ඩී.එච් රෝහලට රැගෙන යෑමට සුදානම් වන බවට වැඩිදුරටත් වාර්තා වේ.











