FAST NEWS

24×7 Around the Globe

වෙලේ සුදා මරණිය දණ්ඩන තීන්දුව අභියෝගයට ලක් කරයි.

ගම්ෙපාළ විතානගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදාට’ මරණීය දණ්ඩනය නියම කරමින් ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් කොළඹ මහාධිකරණය වෙත ඊයේ (14) සවස අභියාචනා පෙත්සමක් ගොනුකර ඇත. “වෙලේ සුදා” වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරංග බණ්ඩාර මහතා එම අභියාචනා පෙත්සම ගොනු කළේය.

‘වෙලේ සුදා’ හට නියම කරන ලද මරණීය දණ්ඩනය ඉවත දමා චූදිත නිදොස් කරන ලෙසට එම අභියාචනය මගින් ඉල්ලා සිටියි.

සිද්ධියට අදාළ කරුණු නිසි ලෙස අවබෝධකර ගැනීමකින් තොරව ලබාදී ඇති තීන්දුව මගින් චූදිතට අගතියක් සිදුව ඇති බව ද අභියාචනා පෙත්සම මගින් වැඩිදුරටත් කරුණු දක්වා ඇත.