FAST NEWS

24×7 Around the Globe

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද අසනීප නිවාඩු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (24) අසනීප නිවාඩු වාර්තාකර සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.   

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නිවේදනයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ප්‍රමාණවත් බලතල නොදීමට විරෝධය පළකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ඇරඹීමට මූලික හේතුව වී ඇත.

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් දැඩි කරන්නේද යන්න සම්බන්ධයෙන් වන තීරණයක් ලබන සඳුදා වනවිට ගන්නා බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අවධාරණය කළේය.