FAST NEWS

24×7 Around the Globe

හෙට මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිගේ පෙත්සම සලකා බැලේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි ප්‍රදීප් අනුරුද්ධ සම්පායෝ විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බැලීම සඳහා හෙට කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

ඒ අද (23) අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ එය කැඳවූ අවස්ථාවේදීයි.

ඒ අනුව හෙට (24) පස්වරු 2.30ට පෙත්සම සලකා බලනු ඇත.

මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) වරෙන්තු නිකුත් කළේය.