FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය නීති කඩකළ 2494 දෙනෙක්ට අවවාද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුඛ ආවරණ නොපැළඳ  සහ  දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධව බස්නාහිර පළාතේ  පුද්ගලයින්  2494 දෙනකු අවවාද කර මුදා හැර ඇතැයි පොලීසිය පවසයි. 

පොලිසිය සඳහන් කළේ මෙම පිරිස අතරට මුඛ ආවරණ නොපැළදි  පුද්ගලයින් 1471 ක් සහ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1023 ක් ද වන බවයි. එමෙන්ම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 258 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (22) පෙරවරු 6 සිට අද (23) පෙරවරු 6 තෙක් සිදුකළ වැටලීම් පරීක්ෂා කිරීම් වලදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීම් සහ අවවාද කිරීම් සිදු කර ඇත.