FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ යූටියුබ් පැමිණිලි නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙතෙක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධි ආශ්‍රිතව යූටියුබ් සම්බන්ධ පැමිණිලි කිසිවක් මෙතෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.  

නමුත් ෆේස්බුක් සමාජ ජාලා ඔස්සේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන්වලට අදාළ පැමිණිලි 1000 කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇති බව එම කොමිසම පවසයි.

මෙවැනි පැමිණිලි භාර ගැනීම සදහා ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ.

එම මධ්‍යස්ථානයට 011 – 2886179, 011 – 2886421, 011 – 2886117 දුරකථන අංක ඔස්සේ ද 0112 – 2886551, 011- 2886552 ෆැක්ස් අංකය ඔස්සේ ද පැමිණිලි යොමු කිරීමේ අවස්ථාව පවතියි.

මීට අමතරව විශේෂයෙන් වයිබර්, වට්ස්ඇප් ඔස්සේ පැමිණිලි යොමු කිරීම සදහා 071 – 9160000 අංකය හදුන්වා දී ඇත.