FAST NEWS

24×7 Around the Globe

අයිස් මත්ද්‍රව්‍ය සමග සුරාබදු නිලධාරියෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සුරාබදු නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් පිරිසක් සිදුකළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තකාවන් සිව්දෙනෙකු ද වන අතර සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සොයාගෙන තිබේ.

අදාළ මත්ද්‍රව්‍ය තොගය සැකකරුවන් ට ලබාදුන් බව කියන තවත් සුරාබදු පරික්ෂකවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.