(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංවිධානාත්මක පාතාල කල්ලි නායකයෙකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගොස් ඇතැයි නිල නොවන වාර්තා පවසයි.
කිසියම් විෂක් ශරීර ගතකිරීමෙන් ඉන්දියාවේ බැංගලෝර් හිදී ඔහුව ඝාතනයට ලක්කර ඇති බවට අදාළ වාර්තාවල සඳහන් වේ.
අංගොඩ ලොක්කාට සමීපව කටයුතු කළ කාන්තාවකට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන බව ද ඇතැම් වාර්තාවල දක්වා තිබේ.
කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල වාර්තා ලැබී නොමැති බවයි.
කළුතර දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පිරිසක් ඝාතනය ඇතුලු අපරාධ රැසක් සම්බන්ධයෙන් අංගොඩ ලොක්කාට චෝදනා එල්ල වෙයි.








