FAST NEWS

24×7 Around the Globe

සම්පායෝ ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගන්න නීතිපතිගෙන් CID යට නියෝග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැඩ තහනමට ලක්ව සිටින මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ, ප්‍රධාන ජේලර්වරුන්වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න සහ ජේලර් කාලිංග කලුඅග්ගල දණ්ඩ නීති සංග්‍රහය යටතේ එල්ලවන චෝදනා මත වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයාට නීතිපතිවරයා විසින් නියෝග කර තිබේ.    

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව පැවසීය.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී පී. ඩබ්ලිව්. ඩබ්ලිව්.යූ.පී.ඒ. සම්පායෝ මහතා විසින් අද (22) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කෙරිණි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. මොහොමඩ්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, නීතිපතිවරයා සහ අපරාධ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නම් කර ඇත.