FAST NEWS

24×7 Around the Globe

නාකොටික් නිලධාරීන් යළි රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අත්අඩංගුවට ගෙන සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට පසුගියදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

ඔවුන් අගෝස්තු 04 දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.