FAST NEWS

24×7 Around the Globe

රට පුරා විශේෂ වැටලීම්වලින් තවත් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපරාධ නිවාරණය සඳහා දිවයිනම ආවරණයවන පරිදි සිදුකරන විශේෂ වැටලීම් යටතේ තවත් සැකකරුවන් 1630 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (21) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ පැය 24 තුල මෙම වැටලීම් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

හෙරොයින් ඇතුලු මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකකරු 390ක් , අවි ආයුධ සමග සැකකරුවන් 10ක් , පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් , නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් 278ක් , වරෙන්තුකරුවන් 309 දෙනෙක් සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 641ක් අත්අඩංගුවට පත්වූවන් අතර වේ.