FAST NEWS

24×7 Around the Globe

මෙරට PCR පරීක්ෂණ 140,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් – 19 ආසාධිතයන් තහවුරු කරගැනීමට මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 140,000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (20) දිනයේදී සිදුකර ඇති පරීක්ෂණ සංඛ්‍යාව 1924 කි.

ඒ අනුව මෙරට සමස්ත පරීක්ෂණ සංඛ්‍යාව 141,515 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.