FAST NEWS

24×7 Around the Globe

අතපසු වූ අයට තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (20) තැපැල් ඡන්ද අයදුම්කරුවන් ට තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

පසුගිය සතියේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ පුද්ගලයින් ට අද සහ හෙට (21) දෙදින තුළ ඒ සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිසම පැවසුවේය.

ඒ අනුව තම ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා වෙත ගොස්, තැපැල් ඡන්දය භාවිත කිරීමට අයදුම්කරුවන් ට හැකියාව පවතී.

තවද රාජාංගනය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පමණක් තැපැල් ඡන්ද භාවිත කිරීම එම ප්‍රදේශවල නිරෝධායන කටයුතු අවසන් වීමෙන් පසු සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.