FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති මහින්ද ජනපති කොමීසමට පැමීණෙයි.

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම වෙත මීට සුළු මොහොතකට පෙර පැමිණියා.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ස්වාධීන රූපවාහිණියෙන් විකාශනය වූ හිටපු ජනාධිපතිවරයාගේ දැන්වීම් සඳහා අයවිය යුතු රුපියල් මිලියන 200 කට අධික මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙම ඒකකයට කැඳවා තිබෙනවා.

පසුගිය මස 23 වනදා ද හිටපු ජනාධිපතිවරයාගෙන් මුල්වරට මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසනු ලැබුවේ ජනාධිපති කොමිසමේ නිලධාරීන් කිහිප දෙනෙකු මිරිහානේ පිහිටි ඔහුගේ නිවසට යාමෙන් අනතුරුවයි.