FAST NEWS

24×7 Around the Globe

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එළිදකී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මහ මැතිවරණයට අදාළ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (20) එළි දැක්වීමට නියමිතය.   

පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 11.00 ට ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී එය සිදුකිරීමට නියමිතය.

ඉදිරි වසර පහ සඳහා රට ගොඩනැගීමට අවශ්‍ය ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයට අන්තර්ගත කර ඇති බව සමගි ජන බලවේගය කියා සිටියි.