FAST NEWS

24×7 Around the Globe

ඉදිරි පැය 12 කාලය තුළ මිලිමීටර 100 ඉක්ම වූ වැසි [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 12 තුළ තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  

ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැක.

එමෙන්ම දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, සුළඟේ වේගය ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර 70 – 80 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.