FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් කරන්න අගමැති ප්‍රමුඛ කමීටුවක්.

ශ්‍රී ලංකාවේ පාසල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති කර වර්තමානයට ගැළපෙන පරිදි අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමට කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි ප්‍රධානියා බවට පත්කර තිබේ.

මෙම කැබිනට් අනු කමිටුවට නව පාසල් අධ්‍යාපන පනතක් හඳුන්වා දීම, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සඳහා නිර්දේශ ලබා දීම, වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනය සඳහා මග පෙන්වීම, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත කිරීම යන විෂයයන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට කැබිනට් මණ්ඩලයෙන් අවසර හිමිව තිබේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලට අමතරව සුසිල් ප්‍රේම ජයන්ත, මහින්ද සමරසිංහ හා හරීන් ප්‍රනාන්දු යන කැබිනට් අමාත්‍යවරු ඉහත කී අනුකමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.