FAST NEWS

24×7 Around the Globe

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත අද බෙදා හැරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ විශේෂ දිනයක් අද(19) ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව සියලු තැපැල් කාර්යාල අද(19) දිනයේ විවෘතව තැබෙනු ඇත.

තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ලබන 29 වනදා වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම අවසන් කිරීමටයි සැලසුම් කර ඇති බවයි.

ලබන ඉරිදා දිනයේදීද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.