FAST NEWS

24×7 Around the Globe

තවත් පිරිසක් පූර්ණ සුවය ලබා පිටව යයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් අතුරින් තවත් 11 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර , ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 2023 දක්වා ඉහළ ගොස් ඇත.   

ඊයේ දිනයේදී කාත්තන්කුඩි රෝහලින් 07 දෙනෙකුද , IDH – ඉරණවිල – මිනුවන්ගොඩ සහ කඹුරුගමුව රෝහල්වලින් 01 අයෙකුද බැගින් සුවය ලබා පිටව ගොස් තිබේ.

ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයන් ගණන 10 ක් වන අතර මේ දක්වා තහවුරු කරගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2697 ක්.