FAST NEWS

24×7 Around the Globe

පදික වේදිකාවේ රථ වාහන නතරකල 287 කට පොලිසියෙන් අවවාද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පදික වේදිකා මත රථ වාහන නතර කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 287 දෙනෙකුට දැඩි අවවාද කර මුදා හළ බව පොලීසිය සඳහන් කරයි.     

මාර්ගයේ අනවසර ස්ථානවල හා පදික වේදිකාවේ වාහන ගාල්කරන රියැදුරන් සොයා ඊයේ (17) සිට විශේෂ මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය.

එම රියැදුරන්ට උපරිමය රුපියල් 50,000 ක් දක්වා දඩ මුදල් නිමය කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය .