FAST NEWS

24×7 Around the Globe

පාසල් ඇරඹීමට අදාළ තීරණය අද පස්වරුවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා අවධානම හේතුවෙන් යළිත් වරක් තාවකාලිකව වසා දැමුණු පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන තීරණය අද (18) පස්වරුවේ දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා ප්‍රකාශ කළේය.   

පාසල් විවෘත කිරීමට අදාළ කාලසීමාව සහ දින සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ විමසීමට මේ වනවිට ප්‍රතිචාර ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.