FAST NEWS

24×7 Around the Globe

ඊයේ දිනය තුළ කුඩා දරුවෙකු ඇතුළුව ආසාදිතයන් 10 ක්

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තාවී ඇති සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2697 ක් දක්වා ඉහළ ගොස් ඇත.   

ඊයේ (17) දිනය තුළ සොයාගනු ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 10 කි.

ඒ අනුව , සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් තිදෙනෙක්  , කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන්  තිදෙනෙක් , ගම්පහ පදිංචි කන්දකාඩු ආසාදිතයකුගේ ආශ්‍රිතයන් දෙදෙනෙක් , ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙක්ට සහ රාජාංගනයේ පදිංචි කන්දකාඩු ආසාදිතයකුගේ ආශ්‍රිතයෙක් ඊයේ දිනය තුළ සොයාගත් ආශ්‍රිතයන් වෙයි.

රාජාංගණයේ 12 හැවිරිදි දරුවෙකුද ඊයේ දිනයේ කොරෝනා වෛරසය වැළඳුණු පිරිස අතරට ඇතුළත් වේ.

එහි PCR පරීක්ෂණ 139 ක් මගින් මෙම දරුවාට පමණක් වෛරසය වැළඳී ඇතැයි තහවුරු කරගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.

ඒ අනුව මෙරටින් හමුවූ ආසාදිතයන් අතුරින් 674 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මෙරට ආසාදිතයන් අතුරින් 853 දෙනෙකු විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් වෙයි.