FAST NEWS

24×7 Around the Globe

පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන තීරණය හෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන තීරණය හෙට (18) දිනය වන විට බොහෝ විට දැනුම් දිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා ප්‍රකාශ කළේය.  

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පාසල් විවෘත කිරීමට අදාළ කාලසීමාව සහ දින සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ වන විට විමසා ඇති බවයි.

පාසල් නැවත විවෘත කිරීමට අදාළ නිර්දේශ අධ්‍යාපන අමාත්‍යංශයට අද ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා කියා සිටියේ පස්වරු 3.00 ට අමාත්‍යංශයේ පැවැත්වෙන සාකච්ඡාවකදී එම නිර්දේශ සමාලෝචනය කිරීමට නියමිත බවයි.